දේශීය

‘ළඟම පාසල තෙමෙන පාසල’

මේ රත්නපුර – ලෙල්ලෝපිටිය ශ්‍රී රාහුල මහා විද්‍යාලයයි.

පාසලේ 2 ශ්‍රේණියේ දරුවන් ඉගෙනුම ලබන මෙම ගොඩනැහිල්ලේ වහලයේ බාල්ක දැඩිලෙස දිරාපත්ව තිබීමෙන් කොයියම් මොහොතක එය දරුවන්ගේ හිස මතට කඩා වැටීමේ අවධානමක් පවතිනවා. එනිසා එම පන්තියේ දරුවන් ආරක්ෂාව පිණිස හෙල්මට් පැළද අකුරු කරනා ආකාරයයි මේ.

නිතර වර්ෂාව ඇදහැලෙන රත්නපුර ප්‍රදේශයේ ඇති මෙම පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත්තේ කුඩ ඉහලමින්.

එමෙන්ම පාසලේ අනෙකුත් වටිනා භාණ්ඩ රැකගැනීමට ගුරුවරුන්ට කුඩ ඉහලා තැබීමට සිදුව තිබෙනවා.

දරුවන්ගේ ජීවිත මෙතරම් අවධානමක හෙළා නෑසූ කන්ව සිටින බළධාරීන්ට රාත්‍රියේ සුව නින්දක් ලැබේනම් එය ඔවුන්ගේ වාසනාව විය යුතුය.

වඩාත් විහිළු සහගත කරුණ නම් මෙම පාසල ඉදිරිපිට ‘ළඟම පාසල හොදම පාසල’ ව්‍යාපෘතියේ විශාල පුවරුවක් සවිකර තිබීමයි.

කවුරුන්හෝ එම පුවරුව යටින් මෙසේ ලියා ඇත.
“ළඟම පාසල, තෙමෙන පාසල”

මේ ඔබත් මමත් ජීවත්වන රටයි.
හොදමදේ දරුවන්ට ලැබෙනා රටයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button