දේශීය

උසස් පෙළින් පසු හමුදා පුහුණුව දෙන්න – රතන හිමි ඉල්ලයි

ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලුම සිසුන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන හිමි පැවසීය. අනුරාධපුරයේ පසුගියදා (15) පැවති ව්‍යාපාරික හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මෙහිදි රතන හිමියෝ මෙසේද පැවසීය.

“සාෆි සිහාබ්දීන්ගේ සිද්ධිය සහරාන්ගේ සිද්ධිය වගේ නෙවෙයි. බෝම්බ කාරයෝ අටදෙනෙක් ආවා. හිටි ගමන් මිනිස්සු මරලා යන්න ගියා. සාෆි සාහබ්දීන් කියන්නේ සිංහල මිනිසුන් යාළු කරගෙන මචං කියා ගෙන උපක්‍රමශීලිව කාන්තාවන් වද භාවයට පත්කළ පුද්ගලයෙක්. දැනට කාන්තාවෝ 900ටත් වැඩි සංඛ්‍යාවක් වද භාවයට පත්කර තිබෙනවා.අපි නොහිටින්න මේ මනුස්සයා නිදහස් වෙනවා.මේ වාගේ මිනිස්සු 20ක් ලංකාවේ හිටියා නම් අවුරුදු විස්සක් යන කොට ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනවා.මේ වැඩේ කරන්න සවුදියෙන් සල්ලි දිලා තියෙනවා. එයාගේ ගිණුම් හරියට චෙක් කරලා නැහැ.

හිස්බුල්ලා විශ්වවිද්‍යාලය කියලා එකක් හදනවා.රුපියල් කෝටි ගාණක් සවුදි සල්ලි.අපි දැන් බලපෑම් කරලා ඒවා හමුදාවට ගන්න කියලා තියෙනවා.කිසිසේත් ඒ විශ්ව විද්‍යාලය හදන්න අපි ඉඩ දෙන්නේ නැහැ. බෝම්බ කරුවන් නිර්මාණය කරන ෆැක්ටේරිය තමයි මඩකලපුව විශ්ව විද්‍යාලය.

ඒ නිසා සහාරන්ට වැඩිය හිස්බුල්ලා භායනකයි. සහරාන්ට වඩා සාෆි සිහාබ්දීන් භායානකයි.

ඊලඟට මේගොල්ල රටේ ආර්ථිකය අල්ලා ගෙන තියෙනවා. නගර ආක්‍රමණය කරලා තියෙනවා. ඉඩම් ඇල්ලීමත් කරගෙන යනවා.

මේ ප්‍රශ්නය අපි තේරුම් ගත්තේ නැත්නම් සම්පුර්ණයෙන්ම අපි විනාශ වෙනවා.

සියළුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනේ. එකම පාසල් නිල ඇදුමක්. මුහුණ ඔළුව වහන්න බැහැ. ඒවා කරන්න ඔනේ නම් යන්න මැද පෙරදිගට. කන්නන්ගර මහත්තයා කිව්වා වාගේ මධ්‍ය විද්‍යාල, මහ විද්‍යාල, ප්‍රාථමික විද්‍යාල තියෙනවා සියළු දෙනා මේ පාසල්වලට යන්න. උසස් පෙළ සමත්වුණ ගමන් සියළු දෙනාට හමුදා පුහුණුවක් දෙන්න. අනිත් පැතිවල අය අපිට සිංහලෙන් කතා කරලා බඩු විකුණනවා නම් ඇයි සිංහල කතා කරන්න බැරි ? ඇයි සිංහලෙන් ඉගෙන ගන්න බැරි?”

මේ අධ්‍යාපන ප්‍රතිපත්තියට මේ අය එකගකරවා ගත යුතුබවද උන්වහන්සේ මෙහිදී පැවුසුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button