විදේශීය
ඩයනා කුමරිය යලි උපදී
තමන් පෙර ආත්මයේ ඩයනා කුමරිය බව පවසන අපූරු දරුවෙක් ගැන විදෙස් පුවත් වාර්තා කරනවා. මේ දරුවා බිලී කැම්බල් නමැති 4 හැවිරිදි ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙක්. ඔහු අවුරුදු 2 තරම් කුඩා වයසේ පටන් තමන් ඩයනා කුමරිය බව පැවසූ බව 45 හැවිරිදි දරුවාගේ පියා පවසනවා.
වැඩි දුරටත් කරුණු සඳහන් කරන ඔහු පවසන්නේ ඩයනා කුමරියගේ ජීවිතයට සම්බන්ධ වැඩි දෙනෙක් නොදත් බොහෝ කරුණු තම දරුවා විසින් පවසන බවයි. “දවසක් සයිරන් හඬ ඇසුණා, ඉන් පස්සේ තව දුරටත් මම කුමරියක් වුණේ නෑ” යනුවෙන් ඔහු ඩයනා කුමරියගේ මරණය ගැනත් පවසා තිබෙනවා.
මේ දරුවා තව දුරටත් ඩයනාගේ අතීත කතා හෙලි කරාවිද? නැත්නම් මෙය හුදෙක් රැවටීමක්ද යන්න කාලය විසින් විසඳනු ඇති.