විදේශීය

අයිස් ලන්තයේ ග්ලැසියරයක් මියයයි

අයිස්ලන්තයේ වසර 700ක් පැරණි ඕකේ ජෝකුල් හෙවත් ඕකේ අයිස් ග්ලැසියරය මියගිය බවට නිල නිවේදනය සහ ශෝකය පල කිරීම පසුගියදා සිදුකෙරුණි.

අයිස්ලන්තයේ ඕකේ ජෝකුල් ග්ලැසියරය මියගිය බව ප්‍රථම වරට අනාවරණය වූයේ 2014 වර්ෂයේදී වුවත් ඒ බව නිල වශයෙන් සමරනු ලැබුවේ පසුගිය සතියේය .

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන දේශගුණික විපර්යාසයන් නිසා අයිස්ලන්තයට අහිමි වූ පළමු ග්සිලැයරය මෙයයි.

ග්සිලැයරයක් මියගොස් ඇති බව දැනගත හැකි වන්නේ එයට තවදුරටත් චලනය වීමට නොහැකි බව තහවුරු කර ගැනීමෙන්.

එනම් සෙමෙන් දිය වී ගොස් තවදුරටත් ග්ලැසියරයක් අදාළ ස්ථානයේ නොපැවතීමත් සමඟයි.

ග්ලැසියරය පැවති ඕකේ ගිනිකන්ද මුදුනේ සැමරුම පැවැත්වුණි.

ඕකේ නම් ගිනිකන්ද වසා පැවතීම හේතුවෙන් ග්ලැසියරය ඕකේ ජෝකුල් නම් වුවද වසර 700කට පසුව නැවතත් එය ඕකේ ගිනිකන්ද ලෙස පමණක් හැඳින්වීමට සිදුව ඇත.

ඕකේ ජෝකුල්අගේ අහිමි වීම සිහිපත් කරමින් අයිස්ලන්තයේදී අනාගතයට ලියමනක් යනුවෙන් ඵලකයක් විවෘත කරනු ලැබුවේය.

මෙම ඵලකය ස්ථාපිත කිරීමෙන් අයිස්ලන්තය සහ පරිසර විශේෂඥයින් බලාපොරොත්තු වන්නේ අනාගතයේදී ලෝකයට අහිමි වෙමින් පවතින ග්ලැසියර සුරක්ෂිත කිරීමට මෙන්ම ඒ පිළිබඳව අනාගතයට දැනුම් දීමටයි.

ග්ලැසියරයක් ලෙස තවදුරටත් නම්කළ නොහැකි පළමු අයිස්ලන්ත ග්ලැසියරය බවට පත්වන්නේ ඕකේ ජෝකුල්ය යනුවෙන් එම ඵලකයේ සටහන් කර ඇත.

එම ඵලකය තවදුරටත් දන්වන පරිදි තවත් වසර 200ක් ගතවන විට ලෝකයේ ඉතිරිව පවතින ප්‍රධාන ග්ලැසියරවලට හිමිවන්නේ මෙම ඉරණමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button