ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් ඇමරිකාව පුරා විරෝධතා – පෙන්ටගනයෙන් ” මිලිටරි පොලීසියත්, යොදලා
නගර කිහිපයකට ඇඳිරි නීතිය, ගැටුම් දරුණු වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ දින 5ක් පුරා මේ වන විට විරෝධතාකරුවන් විසින් පොලිසිය හා හමුදාව සමඟ කරන ගැටුම් මේ වන විට උත්සන්න වී තිබෙනවා. මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ඇඳිරි නීතිය පනවා ඇති අතර, ගැටුම් හේතුවෙන් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් (46) නැමැති කලු ජාතිකයා පසුගිය සිකුරාදා (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩයකට ලබා දුන් ඩොලර් 20 ක නොට්ටුවක් හොර නොට්ටුවක් වීම නිසාවෙනි. එහිදි ෆ්ලොයිඩ්ව අත්අඩංගුවට ගෙන බිම දමා මෙල්ල කර සිටි ආකකාරයේ දර්ශන පෙලක් දැන් වන විට අන්ත්ජාලයේ සැරිසරනවා. එහිදි සුදු ජාතික පොලිස් නිලධාරියා ෆ්ලොයිඩ්ගේ බෙල්ලට දනහිස තබා තද කරන් සිටින ආකාරයත්, තමාට හුස්ම ගැනීමට අපහසුයි කියනා ආකාරයත් එම විඩියෝවේ දක්නට තිබෙනවා විනාඩි 8කුත් තප්පර 46 පුරා ෆ්ලොයිඩ්ගේ ගෙල ප්‍රදේශය තද කර සිටින ආකරය එහි සටහන්ව තිබෙනවා. විනාඩි 6ක පමණ කාලයක් ගෙල පෙදෙස හිර කර සිටි නිසා ෆ්ලොයිඩ් සිහිසුන්වි ඇති අතර එතන සිටි පිරිස් පොලිස් නිළදාරීන්ට ඒ පිලිබදව පෙන්වා සිටියදීත් තවත් විනාඩි තුනකට ආසන්න කාලයක් ඔහුගේ ගෙල පෙදෙස සිර කර සිටිනවා. ලසුව ඔහුව රෝහල වෙත රැගෙන යද්දි මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම් වාර්තා වීමත් සමග එම එම නගරයද ද වන්ට විරෝධතාවක් ආරම්භ වූ අතරපසුව එය කැරැල්ලක් තරමට විකශය වුවා. එය ක්‍රමයෙන් වාහන වලට ගිනි තැබීම් ගොඩනැගිලිවලට හානි කිරීම් දක්වා දුර දිග ගිය අතර. කැරළි මර්ධනයෙදි විරෝධතා කරුවන් මියගොස් ඇති බවත් එම ගණන නිෂ්චිතවම කිව නොහැකි බව විදෙස් මාධ්‍ය උපුටා දක්වනවා.
මේ අතර වාර්ථාකරණයට ගිය මාධයවේදීන්ද පරහකැම් සහ අත්අඩංගුවට පත්වන අවස්ථා ද වාර්තා විය.
උපුටා ගැනීම
https://edition.cnn.com/videos/us/2020/05/29/minneapolis-protests-omar-jimenez-arrested-newday-vpx.cnn
https://www.cbsnews.com/live-updates/george-floyd-death-protests-minneapolis-2020-05-31/
https://www.bbc.com/news/world-us-canada-52859057
https://www.cnbc.com/2020/05/30/protests-and-rioting-erupt-in-cities-across-the-us-as-anger-boils-after-the-killing-of-george-floyd.html