දේශපාලන
ජාතික ලැයිස්තුවට රවීගේ නම යැවීම අනුමැතියකින් තොරව අත්තනෝමතිකව සිදුවූවක්.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා තිබීම අනුමැතියකින් තොරව අත්තනෝමතිකව සිදුවූවක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
තම පක්‍ෂයට හිමි එම මන්ත්‍රී ධූර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ ඊයේ (18) පෙරවරුවේ කොළඹ දී රැස් වී තීරණයක් ගැනීමට නියමිතව සිටියදී, ඊට පෙර පක්ෂ ලේකම්වරිය මෙසේ ක්‍රියා කර තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
වික්‍රමසිංහ මහතා පෙරමුණේ නියෝජිතයින්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, රවී කරුණනායක මහතා එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙක් වන නිසා සාමූහික තීරණයකින් තොරව එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත්, විධිමත් තීරණයක් ගැනීමට තිබියදී මෙලෙස කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවයි.