චීන්නු ගැන විස්තර කිව්වේ ජනතාව

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට පත් චීන ජාතිකයන් ගැන තොරතුරු ලබා දුන්නේ ජනතාව විසින් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.
ඒ කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
යුක්තිය මෙහෙයුම ආකාරයට මේ වනවිට රට තුළ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ දැයි මාධ්‍යවේදියා එහිදී ප්‍රශ්න කර සිටියා.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ රට පුරා සුඛෝපභෝගී වාහන ගැන පොලිසිය විසින් සොයා බැලීම් සිදු කරන බවට හුවා දක්වමින්.
එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ නිත්‍යානුකූල ලෙස වාහන භාවිතා කරන්නේ නම් කිසිවෙක් බිය විය යුතු නැති බවයි.
එසේම මේ වනවිට රටේ ජනතාව ද ආණ්ඩුවට සහය ලබා දෙමින් ඇතැම් අනීතික ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දෙන බවත්, චීන ජාතිකයන් සම්බන්ධයෙන් ද තොරතුරු ලබා දුන්නේ ජනතාව බවත් එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.