පොලිස්පතිගේ රියදුරාට කොරෝනා – ජාතික රෝහලේ කුස්සියටත් කොරෝනා
පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීමත් සමග පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්ය මණ්ඩලය පෙරේදා (07) සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
මේ හේතුව නිසා පොලිස්පතිවරයා ඊයේ (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයට ද සහභාගි නොවූ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.
පොලිස්පතිවරයාගේ රියැදුරුට කොවිඩ් වැලඳීමත් සමග පෙරේදා (07) සිට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් මූලස්ථානයේ තුන් වැනි මහලේ වූ පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි වාර්තා වේ. මූලස්ථානයේ අනෙකුත් අංශවල නිලධාරීන්ට පොලිස්පති කාර්යාලයට යාමද පෙරේදා සිටම සීමා කර තිබුණු බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.
මේ සමග පොලිස් මූලස්ථානය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර දුරස්ථ ලෙස සේවය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
මේ අතර පොලිස්පතිවරයා යටතේ ඇති බුද්ධි අංශය වන පොලිස් විශේෂ කාර්යාංශයේ මලලසේකර මාවතෙන් කොවිඩ් ආසාදිතයකු වාර්තා වීමත් සමග එහි නිලධාරීන්ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබූ බව වාර්තා වේ.
මේ අතර, කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආසාදිත සේවකයින් ඊයේ (8) දින නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින්ද මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මීට අමතරව මුළුතැන්ගෙයි කටයුතු පවත්වාගෙන යාම සඳහා අද සිට වෙනත් පිරිසක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා.