දේශීය

වනජීවී භාරය වසා දමයි….!

ශ්‍රී ලංකාවේ වනජීවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

වනජීවී සංරක්ෂණ භාරය පරිසර සංරක්ෂණය කිරීම හා වනජීවී සංරක්ෂණයට අදාළව දැනට කිසිඳු ක්‍රියාකාරකමක නොයෙදීම හේතුවෙන් මෙසේ එම ආයතනය වසා දැමීමට නියමිතය.

එම ආයතනය වසා දැමීමෙන් අනතුරුව එහි සතු වත්කම් හා වගකීම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවැරීමටත්, සේවයෙන් ඉවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති එහි කාර්ය මණ්ඩලයට වන්දි හා පරිතෝෂික මුදල් ගෙවීමටත්, වන්දි ලබා සෙවයෙන් ඉවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර නොමැති කාර්ය මණ්ඩල සාමජිකයන් ඔවුනට පෞද්ගලික වන සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමටත්, වනජීවී භාරය සතු රන්දෙණිගල පුහුණු මධ්‍යස්ථානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යෑමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කර තිබේ.


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button