දේශීය

මුස්ලිම් කඩවලට සිංහල පිරිසක් බලපෑම් කරයි – එය එසේ නොවිය යුතුයි, පොලිසිය පවසයි

අද උදෑසන, මීගමුව බස් නැවතුම්පොළේ විවෘත කර තිබුණු එක් මුස්ලිම් කඩයකට ඇතුල් වුනු සිංහල පිරිසක් එම මුස්ලිම් වෙළඳසැල වසන්න යයි බලපෑම් කළා. එය විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක්.

පසුව එම සිද්ධිය දුටු පොලිස් නිලධාරීන් තිදෙනෙක් වෙළඳසැලට පැමිණ පවසා තිබුනේ වෙළඳසැල වසා නොදමන ලෙසත්, බිය නොවන ලෙසත්ය.

එතැන සිටි පොලිස් නිලධාරියෙකුගෙන් ඒ පිළිබඳව විමුසූ විට ඔහු කියා සිටියේ, කිසිවෙකුට එසේ බලපෑම් කල නොහැකි බවත්, මිනිසුන් සූදානම් වන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමට බවත්, එම වෙළඳසැල වහන්න එපා යැයි අප වෙළඳ සැලේ අයිතිකරුට පැවසූ බවත් ය.

එසේ බලපෑම්කළ පුද්ගලයන්ගෙන් කිහිප දෙනෙකු බස් නැවතුම්පොළේ කොළඹ – මීගමුව අධිවේගී බස් නවතන ස්ථානයේ හිඳගෙන උසුළු විසුළු කරමින්, මුස්ලිම් ජනතාව ගැන වෛරයෙන් අදහස් හුවමාරු කරගනිමින්, යම් යම් සැලසුම් ගැන නොතේරෙන ලෙස කතා කරමින් සිටියේය.

තවත් වෙළඳසැල් කිහිපයකට බලපෑම් කර ආ බව ඔවුන් බස් රියදුරෙකු සමඟ කීවෝය.

අප මෙය පළ කරන්නේ මෙවැනි දේවල් තවත් සිදුවිය යුතු නැතිබවත්, සාමාන්‍ය මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතු බවත්, සාමාන්‍ය සිංහල ජනතාව කිසිම හේතුවක් මත නීතිය අතට ගත යුතු නැති බවත්, ගැටළුවක් ඇත්නම් ආරක්ෂක අංශවලට දන්වන ලෙසත් මතක් කිරීමක් වෙනුවෙන් ය. මන්ද මේ රට මෙතැන් පටන් සාමකාමීව ඉදිරියට පැවතිය යුතුමය.

පහත දැක්වෙන්නේ එම කණ්ඩායමේ කිහිප දෙනෙකුගේ ඡායාරූප වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button