සමාජ

පුරවැසියනි..!! වහාම බලපෑම් කරන්න..!!

මේ වන විට රජයේ ඇමතිවරුන් වන රිෂාඩ් බදුර්දීන් , මුජිබර් රහුමාන් හා ආණ්ඩුකාර වරුන් වන හිස්බුල්ලා සහ අසාද් සාලි යන අයට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතියි. පාර්ලිමේන්තුව තුලද, ඡායාරූප හා වෙනත් සාක්ෂි මගින්ද ඒ චෝදනා ඉතා බරපතල ආකාරයෙන් ඉදිරිපත් වෙමින් පවතියි..

එවන් තත්වයක් තුල ඉහත නම් සඳහන් අයව ආරක්ෂක අංශ ඉදිරියට පැමිණවිය යුතු වුවත් තවමත් එසේ සිදුවී නැත.

ඒ වගේම ඉදිරිපත් කරන චෝදනා සත්‍යයනම් ඔවුන් අමාත්‍ය ධූර වල හා ආණ්ඩුකාර ධූර වල රැඳී සිටීම හරහා ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ වලට දැඩි බාධා එල්ලවීමේ අවධානම ද සුළුකොට තැකිය නොහැක.

තමන්ට චෝදනා එල්ලවූ වහාම පරීක්ෂණ කටයුතු වලට සහය වීමට ඉල්ලා අස්වීමේ අවම සදාචාරයක් මේ පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.
නමුත් මොවුන්ව තනතුරු වලින් ඉවත් කර පරීක්ෂණ සඳහා සහය වීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති, ආරක්ෂක ඇමති මෛත්‍රීපාල සිරිසේනට බලය ඇත.

ජනාධිපති, අගමැතිවරුනි..!!

වහාම රිෂාඩ් බදුර්දීන්, AMAL හිස්බුල්ලා, අසාද් සාලි, සහ මුජිබර් රහුමාන් යන රජයේ අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් ඔවුන් දරන ධූරවලින් ඉවත් කර පරීක්ෂණ වලට සහය ලබා දෙන්න..!!

පුරවැසියනි..!!

වහාම බලපෑම් කරන්න..!!

ජනපති අගමැති බබාලා ගැන අපි හොඳින් දනිමු..!!


චමල් අකලංක පොල්වත්තගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button