දේශීය

පාස්කු දින ප්‍රහාරයේ වාර්තාව විජිත ඉල්ලුවට ප්‍රසිද්ධ කරනවා කිව්වේ නෑනේ, ඒක කියනකම් දෙන්නේ නෑ

පාස්කු දින ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ලබා දෙන ලෙසට අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළ ද වාර්තාව ප්‍රසිද්ධ කරන බවට ඔහු සඳහන් නොකළ නිසා එය ලබා දිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ දී අද(16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

පාස්කු දින ප්‍රහාරයට අදාළ වාර්තාවේ කොටස් අඩු බවට රජය ප්‍රකාශ කර ඇති බවත් අවශ්‍ය නම් සම්පූර්ණ වාර්තාව ලබා දීමට තමා සූදානම් බවත් පසුගියදා ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

එහිදී ඔහු කියා සිටියේ වර්තාවේ කොටස් අඩු නැති බැවින් රජය එය හෙළි කරන්නේ නැතිනම් තමා දින 07ක් ඇතුළත එය ප්‍රසිද්ධ කරන බවයි.

ඔහුගේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ දින හතක් නොව තමා විසින් ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයාට දින 3ක් ලබා දෙන අතර එය රජයට ලබා දීමට ඔහුට ඉඩ පවතින බවයි.

ඒ අනුව තමා එය දීමට තමා සූදානම් අතර එම වාර්තාව ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් මහතා ප්‍රකාශ නොකළ බැවින් එය ලබා දීමට නොහැකි බව එම ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට අද මාධ්‍ය හමුවක් කැඳවමින් ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

එය ප්‍රසිද්ධ කරන බවට රජය පොරොන්දු වන්නේ නම් තමා එය ගෙනවිත් භාර දෙන බවයි ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button