දේශීය

හිරුණිකා එපා කියූ වනිතා බලවේගයේ තනතුර මද්දුමබණ්ඩාර ඉල්ලයි

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් පසු එහි වැඩ ආවරණය කිරීමට තමා සූදානම් බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ කොළඹ අද(16) පැවති මාධ්‍ය හමුවක දීයි.

හිරුණිකා මහත්මිය ඉල්ලා අස්වීමට තීරණය කළ ද එම ලිපිය භාරගනිමින් එය ඉටු කිරීමට තමා සූදානම් නොමැති බවයි එහිදී අදහස් දක්වමින් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ.

එම අවස්ථාවේ දී ඇය සිනා මුසු මුහුණින් සඳහන් කළේ තමාට ඉල්ලා අස්වීමට ඉඩ ලබා නොදී කරදර සිදු කරන බවයි.

ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොගත්ත ද තමාගේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි අනතුරුව සෘජුවම මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිරුණිකා මහත්මිය වැඩි දුරටත් කියා සිටියේ.

එම අවස්ථාව් දී පසෙක සිට අදහස් දැක්වූ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ හිරුණිකා මහත්මිය වෙනුවෙන් එම තනතුරේ වැඩ ආවරණය කිරීමට තමා සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button