සිංහරාජයේ මත්ස්‍ය සම්පතත් ඉවරයි
සිංහරාජයේ කුඹල් ඇළ හරස් කරමින් ඉදිකර ඇති ප්‍රජා ව්‍යාපෘතිය හේතුවෙන් සිංහරාජ ලෝක උරුම අඩවිය විනාශ මුඛයට ගොස් තිබෙනවා. එම ජල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ නෙළුව අඩවි වන කාර්යයාලයයි. මේ වන විට ලෝක උරුම අඩවි භූමියේ සතුන් විශාල පිරිසක් විනාශ වී ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
මීට වසර 03කට පමණ පෙර ද අත්වැල්තොට ප්‍රදේශයේ මසුන් මරන්නන් විසින් යම් වැල් විශේෂයක් තලා දැමීමෙන් මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව සඳහන්. මෙම ඡායාරූපවල දැක්වෙන්නේ කුඩා ජලය රැඳුණු ස්ථාන වල සතුන් පණ අදිමින් සිටින ආකාරයයි.
අපේ රටේ ආවේණිකයන්ගේ මළ ගම ලියවීමට පෙර
ශ්‍රී ලංකාව ගංගා 103 කින් පමණ සමන්විත දූපතක් වන අතර නිරිත නිරිත දිග කලාපයට හා මධ්‍යම කදුකර කදුකර කලාපයට වැසි වනාන්තර සීමා වී ඇත. වියළි කලාපය පෝෂණය කරන ප්‍රධාන ගංගාව මහවැලි ගග වන අතර එය ආරම්භ වන්නේ ද තෙත් කලාපයට අයත් මධ්‍යම කදුකරයේ වූ වැසි වනාන්තර වලිනි. මෙරටට ආවේනික මසුන්ගෙනන් බහුතරය තෙත් කලාපය ට සීමා වී ඇතත් සුළු විශේෂ කිහිපයක් වියළි කලාපයේත් ව්‍යාප්තව ඇත. මත්ස්‍ය විද්‍යාඥයින් මෑතක් වන තුරුම තීරණය කොට තිබුණේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජීවත්වන මිරිදිය මත්ස්‍ය විශේෂයන්ගෙන් බහුතරයක් දකුණු ඉන්දියාවේ ද ජීවත් වන බවය. එසේ වුව ද මෑතකදී සිදුකළ අණුක විද්‍යාත්මක (DNA) පර්යේෂණ සාධක (molecular data) ප්‍රතිඵල වලට අනුව එම මතය බොහෝ දුරට වෙනස් කර ගැනීමට කර ගැනීමට විද්‍යා ප්‍රජාවට සිදු විය .
මිරිදිය මසුන් හට කරදිය(මුහුදු ජලය)විශාල බාධාවක් වන බැවින් ග්ලැසියර සමයන්හි මුහුදු මට්ටමේ පහළයාම යාම මත දකුණු ඉන්දියාව හා උතුරු ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සබඳතා ඇති වූ අවස්ථාවල භෞමික ජීවීන්ට මෙම දෙරට අතර සංක්‍රමණය කළ හැකි වුවද මිරිදිය මසුන් හට එසේ කිරීමට අපහසු විය. ඒ නිසා මිරිදිය මසුන් වසර මිලියන ගණනක් මෙම දූපතට සීමා වීමේ හේතුවෙන් මේ විශේෂ ජානමය වශයෙන් ඉන්දියානු විශේෂයට වඩා බොහෝ වෙනස් වී ඇත.
කැළුම් නලින්ද මනමේන්ද්‍රආරච්චි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්ව විද්‍යාලය.
Taxonomy, biogeography and conservation of srilanken freshwater fishes 3rd day workshop 2018 Runakanda Rainforest Conservation Center.
එසේ තිබියදී ශීඝ්‍රයය එසේ තිබියදී ශීඝ්‍රයෙන් සිදු වන ජල දූෂණය ජලපෝෂක ප්‍රදේශ කපාදැමීම. වැලි ගොඩ දැමීම, ගිනි තැබීම හා විවිධ පිළිගත නොහැකි දඩයම් ක්‍රම මගින් මසුන් දඩයම් කිරීම (ඩයිනමයිට් දැමීම හා විවිධ රසායනික ද්‍රව්‍ය මගින්) ජනගහනය ඉහළ යාම යන විවිධ හේතු නිසා පිරිසිදු ජලය සහිත ජල මූලාශ්‍ර වේගයෙන් විනාශ වන නිසා මෙරට මත්ස්‍ය විශේෂ වේගයෙන් විනාශ වෙමින් සිටී. මේ හේතුව මත ඔවුන් රක්ෂිත ප්‍රදේශ වලට පමණක් සීමා වෙමින් පවතී
මොවුන් මෙරටින් සම්පූර්ණයෙන් වඳවී යාමට කලින් ඔවුන් සදහා අභිජනන වැඩපිළිවෙළක් හෝ දේශීය හා විදේශිකයන්ට පහසුවෙන් මසුන් නැරඹිය හැකි ස්ථාන සෑදීම හා මෙම මත්ස්‍ය විශේෂවලින් අලුත් ප්‍රභේද නිර්මාණය කිරීම වැනි උත්සාහයක් ගැනීමට හෝ අපට පුළුවන්කමක් ඇත. මෙරට ආවේණික මසුන් විදේශීය යන්හි සුරතල් මසුන් විකුණන ස්ථාන වල මිල දී ගැනීමට ඇති අතර ඔවුන්ගේ නව ප්‍රභේද ද නිර්මාණය කර ඇත. (බුලත් හපයා ලේ තිත්තයා) මේ සදහා විවිධ රාජ්‍ය ආයතන තිබුණද ඒවායෙන් සිදු කරනු ලබන්නේ ආහරයට ගැනීම පිණිස කොරලි මසුන් හා වෙන යම් මසුන් ජල මූලාශ්‍රවලට එකතු කිරීම පමණි.
ඡායාරූප – අත්වැල්තොට ප්‍රදේශයේ මීට අවුරුදු 3කට පමන පෙර. කල වැල් කොටා දැමීම නිසා මියගිය හීත මස්සා Systomus
pleurotaenia, තල් කොස්සන් Belontia signata, කොල කනයා Channa orientalis, මගුරෑ Clarias brachysoma.
විශ්ව සචිත් පෙරේරා