දේශීය

සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට එයිද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ සඳහා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ සහය හිටපු ජනාධිපතිවරයාට හිමි වන බවට සඳහන්.

සජිත් ප්‍රේමදාස මහතා සමග ජාතික ජන බලවේග රජයට සැලකිය යුතු මතවාදී අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වනු ඇති බවට එම මන්ත්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් අදහස් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාගේ විපක්ෂ නායකත්වය යටතේ කටයුතු කිරීමට ඔවුන් පිරිසක් තීරණය කර ඇති බවද දැනගන්නට තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට එම පුරප්පාඩුව සදහා පාර්ලිමේන්තු පිවිසීමට අවස්ථාව හිමිවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button