දේශීය

හම්බන්තොට මහ රෝහල විවෘත කරනවාට ව්‍යාපාරිකයන් විරුද්ධ වෙයි

අද පස්වරුවේ විවෘත කිරීමට නියමිත කටුවැව ප්‍රදේශයේ අලූතින් ඉදිකරන ලද නව හම්බන්තොට මහරෝහලට නගරයේ ව්‍යාපාරික ප්‍රජාව විරෝධය පළ කරනවා.

ඔවුන් කියා සිටියේ මේ නිසා සිය ව්‍යාපාරික කටයුතුවලට අසාධාරණයක් සිදුවන බවයි. මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් හම්බන්තොට නගරයේ ව්‍යාපාරිකයන් අද පෙරවරුවේ කඩ සාප්පු වසා දමා කළු කොඩි ද ඔසවා ඇති බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.

හම්බන්තොට මහ රෝහල මේ වනවිට හම්බන්තොට නගර මධ්‍යයේ පිහිටා ඇති අතර නව රෝහල ඉදිකර ඇත්තේ ඊට කිලෝමීටර් 8 ක පමණ දුරින් පිහිටි කටුවැව ප්‍රදේශයේයි.

ඒ අනුව, හම්බන්තොට නගරයට ජනතාව පැමිණීම අවම වීම හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතුවලට අසාධාරණයක් සිදුවන බව විරෝධතාවයේ නිරත වෙළඳ ප්‍රජාව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button