දේශීය

යුද ගැටුම් ඇති රටවල්වල ඉන්න ලාංකිකයන් ගැන දැනගන්න විශේෂ අංකයක්

මැදපෙරදිග යුද ගැටුම් ඇති රටවල්වල සේවය කරන ඥාතීන් ගැන, මෙරට සිටින අයට තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වූ විශේෂ අංක කිහිපයක් හඳුන්වා දීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 0112338812 හෝ 0117711194 අංකවලට අමතා විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාව ඇමතිය හැකියි.

අදාළ රටවල්වල සිටින ලාංකිකයන් මේ වනවිට ආරක්ෂිතව සිටින බවත් විදේශ අමාත්‍යාංශය වැඩි දුරටත් නිවේදනය කළා.

එසේම ඔවුන් සම්බන්ධයෙන් දිගින් දිගටම සොයා බැලීමේ කටයුතු අදාළ රටවල්වල සිටින දූත මණ්ඩල සිදු කරන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button