දේශීය

සිසුවියන් 5ක් ලෙඩ කළ එන්නත ගැන සොයන්න – කුමුදේශ්

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින්, අගුරුවාතොට වෙනිවැල්පිටිය කණිශ්ඨ විද්‍යාලයේ සිසුවියන් සදහා HPV එන්නත ලබා දීමේන් ඇතිවූ සංකූලතාවය, සාමාන්‍ය තත්වයක් ලෙස එකහෙළා බැහර නොකරමින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

සිසුවියන් 26කට මෙම එන්නත ලබා දී ඇති අතර ඉන් පස් දෙනෙකුට සංකූලතා හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

එය සාමාන්‍ය තත්ත්වයක් විය හැකි වුව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඉල්ලා සිටින්නේ රට තුළ එන්නත් සම්බන්ධයෙන් පවතින බිය නිසා ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසටයි.

ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින්….

සංකූලතාවයට පත්වූයේ HPV එන්නතේ වරදක් නිසාදැයි වාහා සොයා බලන්න

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල විසින්, අගුරුවාතොට වෙනිවැල්පිටිය කණිශ්ඨ විද්‍යාලයේ සිසුවියන් සදහා HPV එන්නත ලබා දීමේන් ඇතිවූ සංකූලතාවය, සාමාන්‍ය තත්වයක් ලෙස එකහෙළා බැහර නොකරමින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. එන්නත ලබා දුන් සිසුවියන් විසිහය දෙනෙකු අතුරින් පස් දෙනෙකු රෝගාතුර වීම සාමාන්‍ය තත්වයක් විය හැකි වුවද, ඖෂධ පිළිබද රටතුල ඇති බරපතල අවිශ්වාස හේතුවෙන් එය කීසිසේත්ම පරීක්ෂාවකින් තොරව, සාමාන්‍ය තත්වයක් ලෙස බැහැර කල නොහැක.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් පස් දෙනෙකි. මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ
එම පාසලේ 7 පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබිණි. එන්නත ලබා ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත. එම රෝහලේදී මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර ඇත

එම සිසුවියන් මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ අංක 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්ථාවේ.

ලංකාවේ එන්නත් හෝ ඖෂධ මෙරටට ගෙන ආ පසු stock evaluation, සහ Rndom sample evaluation කල යුතුය . අප දිගින් දිගටම ඖෂධ නියාමන අදිකාරියේ කාර්‍ය බාරය ගැන විවේචන කලා. දැන් අලුට්ජ් සබාපතිවත් අලුත් ක්‍රම වෙනුවට පවතින ක්‍රමවේදවත් ක්‍රියාත්මක කර මෙවැනි කනගාටුදායක සිදුවීම් වලට ඇති අවස්තා අවම කිරීමේ විද්‍යාත්මක ක්‍රම ක්‍රියාත්මක කරවන ලෙසත්, ඖෂධ පිළිබඳ මහජන අවිශ්වාසය තුරන් කිරීම සඳහා වහා පියවර ගන්නා ලෙසත්, අප සෞඛ්‍ය ඇමතිනී හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටිනවා.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button