දේශීය

අවුරුදු 18ට අඩු මුස්ලිම් විවාහ තහනම් – හැමෝටම එක විවාහ නීතියක්

අවුරුදු 18 අඩු ළමා විවාහ තහනම් කිරීමට රජය සුදානම් වන බව වාර්තා වේ.

මේ සදහා අවශ්‍ය නිති කෙටුම්පත් සකස් කිරිමට දැනටමත් පියවර ගෙන අැති බව ද රජය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා තානාපතිවරු හමුවු අවස්ථාවේ දි ද අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වයස අවරුදු 18ට යටත් වන පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශා්ධනය විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ සෑම ජනකොටසකටම එක නිතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සමගාමිව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවත් ශ්‍රී ලංකාවේ කාන්තාවකට විවාහ වීමේ වයස ලෙස දැක්වෙන්නේ අවුරුදු 18 බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා විදෙස් තානාපතිවරු හමුවේ පෙන්වා දී ඇත.

තවද මුස්ලිම් විවාහ නිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අවධානය යොමු කළ අතර දැනට සති දෙකකට පෙර පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේ දි ද ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button