දේශීය

පාර්ලිමේන්තු පොකුර තවත් පුළුල් වේ

පාර්ලිමේන්තුව නියෝජනය කරන තිදෙනෙකුටම කොවිඩ් ආසාදනය වීමත් සමඟම “පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක්”ආරම්භ වීමේ අවදානමක් මතුව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් මේ වන විටත් රෝගයට ප්‍රතිකාර ලබන අතර හකීම් හා සමීපව කටයුතු කල මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඊයේ සිට ස්වයං නිරෝධායනයට ලක් වනවා.

දයාසිරි ජයසේකර නව වසරේ ආරම්භය වෙනුවෙන් ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති හමුවකටද එක්ව සිටි අතර එහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඔහු සමීපයේ සිටිනු දක්නට ලැබුනා.

මේ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාරටද කොවිඩ් රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගියදා ඔහුගේ උපන් දිනයද යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ඔහුගේ කාර්‍යාලයේ සේවක මණ්ඩලය තේ පැන් සංග්‍රහයක්ද පවත්වා තිබුනා.මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙන්ම ප්‍රියත් බන්දු වික්‍රම සහ නිශාන්ත රණතුංග ද එක්ව සිටිනු දක්නට ලැබුනා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී පාර්ලිමේන්තු සැසිවාරයන් ද පැවති අතර එම නිසාවෙන් රෝගය සෙසු මන්ත්‍රීවරුන්ට ද ආසාදනය වීමේ යම් ඉඩ කඩක් පවතිනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් මේ වන විට හඳුනාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන උපයෝගී කරගෙන හදුනාගෙන ඇති පිරිස මෙසේය.

එනම් ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එම්.ඒ. සුමන්තිරන්, ශානක්‍ය රාසමාණික්‍යම්, ලක්‍ෂමන් කිරිඇල්ල, අශෝක අබේසිංහ, එම්. රාධක‍්‍රිෂ්ණන්, තිස්ස අත්තනායක යන විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන් හා කේ.එම්. නන්දසේන මෙන්ම පසුගිය සිකුරාදා දිනයේ හකීම් මහතාගේ නිවසට ගොස් ඇති මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආශ‍්‍රීතයන් ලෙස හදුනාගෙන ඇත. ඒ ෆයිසාල් කාසිම්, එම්.එම්. හරීස්, එම්.එස්. තවුෆීක් හා නසීර් අහමඩ් යන අයයි.

මීට අමතරව පාර්ලිමේන්තුවේ සියළු කාර්ය මණ්ඩලවලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button