එජාපයේ තවත් පැලැස්තර ප්‍රතිසංවිධානයක් – ඉතිරිවුණු හැමෝටම තනතුරු
තවද රවි කරුණානායක දැරූ පක්ෂයේ උප නායක ධූරය හිමිවුයේ අකිල විරාජ් කාරියවසම්ට වන අතර වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයා ලෙස පත් කර ඇත.
මීට අමතරව පක්ෂයේ උප සභාපති තනතුරු හතරක් සඳහා ද පුද්ගලයින් පත් කිරීම සිදුකෙරුණු අතර එම උප සභාපතිවරු වන්නේ දයා ගමගේ, ඩී එම් ස්වාමිනාදන්, සාගල රත්නායක සහ සුනේත්‍රා රාජපක්ෂ යන අයයි.
එක්සත් ජාතික පක්ෂයේ අභිනව නියෝජ්‍ය මහ ලේකම්වරයා වන්නේ නාලක කොලොන්නේ වන අතර පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර ඒ එස්.එම්. මිස්බාට හිමිව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම් ධුරය හිමිව තිබෙන්නේ අනෝමා ගමගේටය.
ප්‍රතිපත්ති සහ සමීක්ෂණ අංශයේ සභාපතිවරයා ලෙස ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු පත්කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමි වූ අතර නීති ලේකම් තනතුරේ තවදුරටත් කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාරය.
ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් ධුරය හිමිව තිබෙන්නේ සන්දිත් සමරසිංහට වන අතර මූල්‍ය කමිටු සභාපති ධුරය කස්තුරි අනුරාධනායක පත්ම කර තිබේ.
මහලේකම් ධුරයේ කටයුතු කළ ශමල් සෙනරත් යළිත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.