දේශීය

ගිණි තැබීමක් යයි සැක සහිත, පුනාගල කඳු රක්ෂිතයේ ගින්න නිවා දැමේ

වැල්ලවාය, අයිස්පීල්ල පුනාගල කදු රක්ෂිතයේ ඊයේ (19) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන ඇත.

එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා ව්‍යාප්ත වී ඇති අතර රක්ෂිතයේ අක්කර විසිපහකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.

මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ දැනුම් දීමකින් පසු කුඹුක්කන එකසිය විසිඑක්වන බලසේනා මූලාස්ථානයේ යුධ හමුදා සෙබළුන්, වැල්ලවාය වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ රාත්‍රිය වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළේය.

ගින්න නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ වනසතුන් බොහොමයක් විනාශ වී තිබුණු බව සඳහන් වන අතර කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button