දේශීය

යුද්ධ හමුදාවෙන් ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මිලියනක් පමණ වටිනාකමකින් යුත් දැව තොගයක් වටලයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා නිලධාරීන් විසින් මීට දින කිහිපයකට පෙර මිරන්ඩාවිල්, වඩුමුණේ, වැලිකන්ද, නෙළුඟාල යන වන රක්ෂිතයන් තුළ සිදු කළ විශේෂ වැටලිමකදි දිගින් දිගට සිදු කරමින් තිබු මහ පරිමාණයේ දැව ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය විය. මේ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව, යුහුසුළුව ක්‍රියාත්මක වූ වාලච්චේන පොලීසියේ පොලිස් නිලධාරීන් විසින් එම දැව තොගය අත්අඩංගුවට ගන්නා ලදී.

මේ සම්බන්ධව වැලිකන්ද ගම්මානයේ ගම්වැසියන් විසින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත ලබාදුන් තොරතුරකට අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා නිලධාරීන් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළහ. ඒ වන විටත් ගස් කපන්නන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර, මිරන්ඩාවිල් හා නෙළුඟාල වන රක්‍ෂිතයේ තිබි තේක්ක, පළු, කොහොඹ වැනි වටිනා දැව තොගයක් සොයාගැනීමට හැකිවිය.

මෙම මෙහෙයුමේදි සොයාගන්නා ලද කැපූ දැව තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 80 කට වඩා වැඩි වූ අතර, මෙම මෙහෙයුම දියත් කරනු ලැබු යුද්ධ හමුදා නිලධාරීන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ පැසසුමට ලක්විය.


www.army.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button