දේශපාලන

“මන්ත්‍රී ධූරය ඇතත් නැතත් අරමුණ වෙනුවෙන් කැපවෙනවා”

අපේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී ධූරය ඇතත් නැතත් තමන් වහන්සේ ඒ අරමුණ වෙනුවෙන් දිවි දෙවැනි කර කැපවන බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි.

තම පක්ෂයට ඡන්දය දුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කනගාටු නොවී මදක් ඉවසා සිටින ලෙස යැයි ද ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන්නේ නම් තමන් එතැනින් ඉවත්ව සමාජ ව්‍යාපාරය ගොඩ නැගීම වෙනුවෙන් පමණක් කැපවන බවද රතන හිමියන් පැවසීය.

රතන හිමියන් මේ අදහස් පළ කළේ සදහම් සෙවනේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ප්‍රශ්නයක් පවතින්නේ නම් සමගි සම්පන්නව එය විසඳාගත යුතු යැයි ද අනවශ්‍ය අන්දමින් කථා බහට ලක්කෙරෙන මාධ්‍ය ප්‍රචාර සහිත මාධ්‍ය සංදර්ශනයක් බවට මේ සිද්ධිය පත් කරගෙන ඇති බවද රතන හිමියෝ සඳහන් කළහ.

ඉදිරි කාලය තුළ නීතියේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන බවත් සාමකාමීව සාකච්ඡා කරමින් සාධාරණ විසඳුමකට එළැඹෙන බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button