දේශපාලන

සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට

ඡන්ද විමසීමෙන් පසු එදින රාති‍්‍රයේ ඡන්ද ගණන් කරන්නේ නෑ - මැ.කෝ

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (22) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍ය වෙත පැවසුවේ එම ගැසට් නිවේදනය බොහෝවිට හෙට මධ්‍යම රාතී‍්‍රයේදී නිකුත් කිරීමට නියමිත බවයි.

ඒ අතර 21 වනදා, මහනුවරදී මාධ්‍යවේදීන් විසින් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ ලබන අගෝස්තු මස 05 වැනිදා පැවැත්විමට නියමිත මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් පසු එදින රාති‍්‍රයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුනොකරන බවයි.

එසේම පෙර පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණය සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි. ඒ කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ඇති බැවින් තවමත් ඒ පිළිබඳ නිශ්චිතව වැයවන මුදල සඳහන් කළ නොහැකි බැවිනි. ඒ  මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි සති දෙක තුළදී නිශ්චිත වියදම ගණනය කිරීමේ හැකියාවක් ඇති බවයි.

දිස්ත්‍රික්ක 10 කට අදාළ නිල ඡන්ද පත්‍රිකා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට භාර දුන් බව රජයේ මුද්‍රණාලයාධිපතිණි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළා. ඒ අනුව මැතිවරණ කොමිසමට භාරදී ඇති නිල ඡන්ද පත්‍රිකා අයත් දිස්ත්‍රික්ක ලෙස මාතලේ, නුවරඑළිය, මාතර, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහන් කළ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් නිල ඡන්ද පත්‍රිකාද මැතිවරණ කොමිසමට භාරදීමට කටයුතු සූදානම් කර ඇති  බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය. එක් කෝටි 70 ලක්ෂයකට අසන්න නිල ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් මෙවර මහ මැතිවරණයට සඳහා මුද්‍රණය කිරිමට නියමිතව ඇත.

ඒවා ලබන 25 වැනිදාට පෙර මැතිවරණ කොමිසමට භාරදීමට සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button