දේශීය

“සහරාන් ත්‍රස්තවාදියෙක් කියලා මම දන්නේ නෑ” – හිස්බුල්ලා කියයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට නායකත්වය දුන් සහරාන් ත්‍රස්තවාදියෙක් බව තමන් නොදන්නා බව නැගෙනිහර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ඒල්. එම් හිස්බුල්ලා පපවසා තිබෙනවා.

සහරාන් මුස්ලිම් ආගමේ දේවල් ගැන කතා කළා මිස වෙනත් ආගම්වලට පහරදෙන්නැයි දේශනා නොකළ බවද හිස්බුල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරය සමබන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිස්බුල්ලා මෙසේ පවසා ඇත.

සහරාන් ත්‍රස්තවාදියෙක් බව දැන නොසිටි බවද ඔහු ත්‍රස්තවාදියෙක් යැයි පැමිණිලි නොකළ බවද ඔහු පැවුසවේය. සහරාන් ත්‍රස්තවාදියෙක් බව තමන් දැන සිටියේ නම් මුලින්ම ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දමන්නේ තමන් බවද ඔහු අදහස් දක්වා ඇත.

සහරාන් මිය යාමෙන් වැඩිම දේශපාලන වාසිය ලැබෙන්නේ තමන්ට බවද ඔහු කීවේය. ඔහු කාත්තන්කුඩියේ නොමැතිවීම නිසා තමන්ට මීළග මැතිවරණයේ විරුද්ධවාදියෙක් නැති බවද පවසා තිබෙනවා.

මාවනැල්‌ලේ බුදුපිළිම කඩා බිද දමන වීඩියෝ තමන් පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර නොදුටු බවද තමන් ඒ්වා දුටුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බවද වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button