දේශීය

155 වන පොලිස් විරු සමරු දිනය හැටන් පොලිස් කොට්ඨාශයේ අභිමානවත් ලෙස සමරයි

ලක්වාසි ජනතාවගේ ජිවිත හා දේපල සුරක්ෂිත කිරිම උදෙසා සිය ජිවිත පරිත්‍යාග කරමින් විර වික්‍රමාන්විතව වසර 155 මුලුල්ලෙහි මිය ගිය පොලිස් විරුවන් අනුස්මරණය කරන දිනය අදට (21) යෙදී ඇත.

155 වන පොලිස් විරු සමරු දිනය නිමිත්තෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් විරු සමරු දිනය හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පොලිස් අධිකාරි කාර්යයාලයේදි අද උදැසන අති උත්කර්ෂවත් ලෙස සමරුහ.

මෙම උත්සවයේදි පොලිස් සේවයේ යෙදි සිටියදි මිය ගිය පොලිස් නිලධාරින් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ඉන් අනතුරුව ස්මාරකයට පුෂ්ප උපහාර දැක්විම සිදු කරනු ලැබුහ.

පොලිස්පති තුමා විසින් නිකුත් කරන ලද විශේෂ පණිවුඩයද හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුහ.

හැටන් පොලිස් අධිකාරි කාර්යයාලයේ පැවති පොලිස් විරු සමරු දිනයට පොලිස් සේවයේදි මිය ගිය විරුවන්ගේ පවුල්වල ඥාතින්, රාජකාරියේදි අබාධිත වු පොලිස් නිලධාරින්, සේවයෙන් විශ්‍රාම ගිය පොලිස් නිලධාරින්, හැටන් පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරුන් සහ හැටන් පොලිස් කොට්ඨාශයේ සියළුම පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් සහභාගි වී සිටියහ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button