දේශීය
“ස්ත්‍රී දූෂක පොහොට්ටුවේ රත්තරන්ට” එරෙහිව දූෂණයට ලක්වුණු චීන තරුණියගෙන්, ජනාධිපතිට ලිපියක්

හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සහ ඔහුගේ රියදුරු තමන් සමූහ දුෂණයට ලක් කළ බව කියමින්, චීන ජාතික තරුණියක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. (මේ පිළිබදව මීට මාස කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ජාලා තුළ සාකඡ්චා කෙරුණු අතර, අදාල තරුණියගේ ප‍්‍රකාශයක් රැගත් වීඩියෝ clip එකක්ද එහි සැරිසැරුනා)
තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කළද, අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවක් තමන්ට නොපෙනෙන බව සදහන් කරමින්, අදාල චීන ජාතික තරුණිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා.
නීතිය ක්‍රියාත්මක වීම අඩාල වීම සදහා පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව බලපා ඇති ආකාරය මෙම තරුණිය සිය ලිපියෙන් විස්තර කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර ඇති ලිපියේ පිටපතක්, ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙතද යොමු කර ඇත.