විදේශීය

ඇමරිකානු උප ජනාධිපතිගේ උපදේශක ලෙස ශ්‍රීලංකා සම්භවයක් ඇති රෝහිණී

ශ්‍රී ලංකාවට පාරම්පරික සබදතාවක් සහිත නිව් ජර්සිහි පදිංචි රෝහිණී කොසොග්ලු, අමරිකානු උප ජනාධිපති කමලා හැරිස්ගේ උපදේශිකාවක ලෙස පත් කර තිබේ.

ඒ අනුව ඇය, කමලා හැරිස්ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ උපදේශිකාව ලෙස කටයුතු කරනු ඇත.

රෝහිණී, හැරිස්ගේ සෙනෙට් කාර්යාලයේ සහ පසුව ඇයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළාය.

ඩොලර් මිලියන 40 ක අයවැයක් සහිත තුන්සියයකට අධික කාර්ය මණ්ඩලයක් සිටින කණ්ඩායමක් සඳහා විවාද පිළියෙල කිරීම, ප්‍රතිපත්ති, සන්නිවේදනය සහ මෙහෙයුම් කළමනාකරණය සහ අධීක්ෂණය කළ ඇය හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාන්තාවකි. මින් පෙර, එක්සත් ජනපද සෙනෙට් සභාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ පළමු දකුණු ආසියානු-ඇමරිකානු කාන්තාව වන්නේද ඇයයි.

රෝහිණී, මිචිගන් විශ්ව විද්‍යාලයේ සහ ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර කුඩා දරුවන් තිදෙනෙකුගේ මවකි.

“මගේ දේශීය ප්‍රතිපත්ති උපදේශක ලෙස සේවය කරන්නේ ඇමරිකානු ජනතාව මුහුණ දෙන වැදගත්ම කාරණා පිළිබඳ විශේෂවේදියකු පමණක් නොව, සෙනෙට් සභාවේ සහ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මගේ සමීපතම සහ විශ්වාසවන්ත සහායකයකු වන රෝහිණී කොසොග්ලු” බව කමලා හැරිස් පැවසුවාය.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස දැනට සේවය කරන හාර්ටිනා ෆ්ලෝර්නෝයි සහ ඇයගේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන නැන්සි මැක්ල්ඩොව්නි සිය ජාතික ආරක්ෂක උපදේශක ලෙස තෝරාගෙන ඇති බව හැරිස් බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

මේ අනුව, හැරිස්ගේ කාර්‍යමණඩලයේ ඉහළම තනතුරු තුනම කාන්තාවන් විසින් දරනු ඇත.

රෝහිණී කොසොග්ලු; https://iop.harvard.edu/fellows/rohini-kosoglu

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button