විදේශීය

සුපිරි නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වූ ඉර්ෆාන් ඛාන් අද (29) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 53 වන වියේ පසුවූවා.

මුමාබායි හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම සුප්‍රකට නළුවා මියගොස් තිබුනේ මහා බඩවැලේ හට ගෙන තිබු ගෙඩියකින් හේතුවෙන් බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

දිගු කලක් ඉර්ෆාන් ඛාන් බ්‍රිතානයේ රෝහලකින්ද ප්‍රතිකාර ලබමින් සිටියා.

හොලිවුඩයේ මෙන්ම බොලිවුඩය ජයගත් රංගන ශිල්පියෙක් වන ඉර්ෆාන් ඛාන් ඉතා දක්ෂ නළුවෙක්.

ස්ලම්ඩෝග් මිලියනර්, ජුරාසික් වර්ල්ඩ්, පීකු සහ ලයිෆ් ඔෆ් පයී, ද ලන්ච් බොක්ස් ඔහු රංගනයෙන් දායකවූ චිත්‍රපට කිහිපයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button