සමාජ

බ්‍රෙසියර්වල ඇති ජෙල් මිනිස් සිරුරට සුදුසුයි – රස පරීක්ෂක

බේරුවල, දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තිසරපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි කර නොවන බව රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත.

සැක සහිත ද්‍රව්‍යයක් ආලේප කර තිබූ තිසරපට 243 ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

පොලිසිය එම ජෙල් වර්ගය අඩංගු තිසරපට තොගය වැඩිදුර පරීක්ෂා කර වර්තාවක් ලබා ගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කලේ අධිකරණයේ උපදෙස් මතය.

රස පරීක්ෂකවරයා අදාළ තිසරපට තොගය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන සාමාන්‍ය ජෙල් වර්ගයක් යැයි තහවුරු කර ඇති බවත්, එය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button