විදේශීය
TIME සගරාව වසරේ පුද්ගලයා ලෙස ජෝ බයිඩන් හා කමලා හැරිස් නම් කරයි
ටයිම් සඟරාව විසින් ජනාධිපති (තේරී පත් වූ) ජෝ බයිඩන් සහ උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් එහි “වසරේ පුද්ගලයා” ලෙස නම් කර තිබේ.
ටයිම්හි ප්‍රධාන කර්තෘ එඩ්වඩ් ෆෙල්සෙන්තාල් පවසන්නේ බයිඩන් සහ හැරිස් “ඇමරිකානු කතාව වෙනස් කිරීම, ශෝකජනක ලෝකයක සුවය පිළිබඳ දැක්මක් බෙදා ගැනීම” ඇතුළු කරුණු පදනම් කරගන මෙම ගෞරවය දිනා ගත් බවයි.
ෆෙල්සෙන්තාල් සඳහන් කරන්නේ, ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට්ඩේ සිට තේරී පත් වූ සෑම ජනාධිපතිවරයෙක්ම ඔහුගේ ධුර කාලය තුළ යම් කාලයකදී වසරේ පුද්ගලයා ලෙස නම් වී තිබූ නමුත්, උප ජනාධිපතිවරයකු හෝ තේරී පත්වූ උප ජනාධිපතිවරයකු මෙලෙස ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය බවයි.
ටයිම් සගරාවේ වසරේ පුද්ගලයා සදහා නම් කළ සෙසු අපේක්ෂකයින් වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්; පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින් සහ වෛද්‍ය ඇන්තනි ෆවුසි; සහ වාර්ගික යුක්තිය සඳහා වූ ව්‍යාපාරය යන අයයි.