දේශීය

මැදමුලන පාර – කොන්ක්‍රීට් පාරට උඩින් කාපට් අතුරයි

නාස්තිකාර වියදමක් බව ප්‍රදේශවාසීන් කියයි

 

නොවැම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිත ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දානයට පැමිණෙන ප්‍රභූන්ගේ පහසුව තකා; මෙතෙක් කොන්ක්‍රීට් කර තිබූ පාර උඩින් සම්පූර්ණයෙන්ම කාපට් අතුරමින් සිටින බව වාර්තා වේ.

වීරකැටිය ,මැදමුලන වලව්ව හරහා දෙබොක්කාව පාර මෙලෙස කාපට් කරන අතර වීරකැටියේ සි. මැදමුලනේ  දක්වා කොටස 5 වෙනිදා වනවිට අවසන් කරන ලෙස නියෝග කර ඇතැයි සදහන්.

මේ මාර්ගයේ මෙතෙක් කිසිදු කඩ තුරාවක් හෝ නොතිබූ පසුබිමක මහජන මුදල් නාස්ති කරමින් කාපට් අතුරමින් සිටීම පිළිබඳ ප්‍රදේශවාසීන්ද දැඩි අප්‍රසාදය පළ කරයි.

හෙට දිනය වන විට රාජපක්ෂ කෞතුකාගාරය දක්වා කොටස නිමා කිරීමට නියමිත බව සදහන්.

නොවැම්බර් 5 වෙනිදාවක උපන් රාජපක්ෂ මහතා නොවැම්බර් 7 වෙනිදා කළුරිය කළ අතර දෙදිනට මැද දිනයේ දානමය පුණ්‍යකර්මය යොදාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button