දේශීය

කොරෝනා නසන රාවණා පැණි හැම තැනම – Brand Ambassador සිසිර ජයකොඩි

කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඖෂධයක් නිර්මාණය කර ඇතැයි “රිටිගල දේවේන්ද්‍ර වෙදමහතා” නැමැත්තෙකු සඳහන් කරයි.

රාවණ පරපුරේ සිට පැවත එන රන් සන්නසකින් එළිදක්වන ලද මෙම ඖෂධයක් වන එය වසර අවුරුදු 9500 ක් පමණ පැරණි යයිද ඔහු සදහන් කරයි. දැනටමත් ප්‍රභූන් ඇතුළු කිහිප දෙනෙකුට මෙම ඖෂධය ලබාදෙන බවත් ඉතා සාර්ථකව එය ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී මෙම ඖෂධය මුළු ලක්වාසීන්ටම නොමිලේ ලබා දීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් දැනටමත් ඇමති සිසිර ජයකොඩි සමගින් සාකච්චා කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය. අද (11) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

කුප්‍රකට ධම්මික පැණිය කරලියට ගෙන ආවේ ද සිසිර ජයකොඩි අමාත්‍යවරයාගේ සන්නාම තානාපතිකමෙන්ම වීම විශේෂත්වයකි.

මීට පෙර, රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන විසින් ද සදර්ශනී පැණිය නමින් පැණිය්ක් හදුන්වා දුන් අතර ධම්මික පැණියේ ආගමනය සමග එම පැණිය අතුරුදන් විය.

මේ අතර, කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට අදාළව සැසුම්සහගත විද්‍යාත්මක වැඩපිලිවෙලක් සකස් කරන්නයි ඉල්ලමින් වෛද්‍යවරුන් පිරිසක් ඊයේ කොළඹ ලිප්ටන් වටරවුම විරෝධතාවක නිරත විය.

ඔවුන් සඳහන් කරන්නේ කොරෝනා වෛරසයෙන් සුවපත් වීම ගැන මිත්‍යා මත විශාල ප්‍රමාණයක් සමාජගත වීමෙන් නිසා වෛරසය තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක සැලසුමක් සකස් කළ යුතු බවයි.

සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කරන්නේ වෛරසය තුරන් කිරීමට විද්‍යාත්මක වැඩ පිළිවෙලක් නැති නිසා මේ ආකාරයට බලපෑම් කිරීමට කටයුතු කළ බවයි. වෛරසය තුරන් කිරීම සඳහා අරමුදල් සම්පත් සහ පහසුකම් ද ඉක්මනින් ලබා දි යුතු බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button