විදේශීය

‘අපේ තරුණයෙක්’ කැනඩා පොලිසියේ ප්‍රධානී තනතුරකට

යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කර එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානි තනතුරක් ලබා දී ඇත.

පසුගිය අගෝස්තු 01 වනදා සිට එරට පොලිස් සභාව විසින් නිෂාන් දොරේඅප්පා මහතා කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත් කර තිබේ.

යුද සමයේදී යාපනයේ නගරාධිපති වශයෙන් සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා කොටි සංවිධානය විසින් ඝාතනය කිරිමෙන් පසුව එම පවුල් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැඩාවට පදිංචියට යන අතර එහිදී නිෂාන් දොරේඅප්පා වයස අවුරුදු 03ක කුඩා දරුවෙකි.

අනතුරුව ඔහු නිසි වයසින් පොලිස් සේවයට බැඳීමෙන් පසුව කැනඩාවේ අපරාධ පරික්ෂණ කටයුතු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේද සේවය කර අවුරුදු 25ක පලපුරුද්දක් ලැබීමෙන් පසුව නිෂාන් දොරේඅප්පා මහතාට මෙම තනතුර ලබා දී ඇත.

පීල් නගරයේ පොලිස් නිලධාරීන් 3000 ක් පමණ සේවය කරනු ලබන අතර එහි නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත්වීම දොරේඅප්පා පරම්පරාවද ලද මහත් කීර්තියක් බවට එම පවුලේ ඥාතීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button