මැක්‍රෝන් ආසාධිත වීම නිසා යුරෝපයේ නායකයින් ගණනාවක් හුදෙකලාවට
කොවිඩ් -19 ආසාධිත නවතම ලෝක නායකයා බවට මැක්‍රොන් පත්ව ඇති බව ප්‍රංශය තහවුරු කිරීමෙන් පසුව සම්බන්ධතා සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
මැක්‍රොන් පසුගිය සතියේ බ්‍රසල්ස් හි පැවති යුරෝපා සංගම් සමුළුවකට සහභාගී වූ අතර සඳුදා පැරීසියේ පැවති ආර්ථික සහයෝගීතා හා සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් සංවිධානය කරන ලද සමුළුවකට සහභාගී විය.
යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සහ ස්පාඥඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් යන දෙදෙනාම පැරිස් සමුළුවට සහභාගී වූ අතර මේ වන විට ඔවුන් දෙදෙනාම හුදෙකලා වෙමින් සිටිති. අගමැති ඇන්ටෝනියෝ කොස්ටා ද බදාදා මැක්‍රොන් සමඟ දිවා ආහාරය ගැනීමෙන් පසු ස්වයං හුදකලාව ගොස් ඔහුගේ න්‍යාය පත්‍රයේ ඇති සියලුම කටයුතු අවලංගු කර තිබේ. මේ අතර ලෙබනනයට යාමට නියමිත සංචාරයක් මැක්‍රොන් අවලංගු කර තිබේ.
ලක්සම්බර්ග් අගමැති සේවියර් බෙටෙල් පසුගිය සතියේ යුරෝපා සංගම් සමුළුවට සහභාගී වීමෙන් පසුව පරීක්ෂණ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් හුදෙකලා වීමට පටන් ගත්තේය. නමුත් ජර්මානු රජයේ ප්‍රකාශිකාවක් පැවසුවේ යුරෝපා සංගම් සමුළුවෙන් දින කිහිපයකට පසු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පරීක්ෂණයක් කළ බවත් එය ඍණාත්මක බවත්ය.
ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් මැක්‍රොන් සමඟ සම්බන්ධ වීමෙන් පසු ස්වයං හුදෙකලා වනු ඇති අතර, ඔහු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවත් ඍණාත්මක ලෙස PCR ප්‍රතිඵල ගෙන දී ඇති බවත් ඔහුගේ කාර්යාලය පැවසීය. මැක්‍රොන්ගේ බිරිඳ බ්‍රිජිට් ද ස්වයං හුදකලා වන අතර ඇය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
එසේම ලෝක නායකයන් මැක්‍රොන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම ද දක්නට ලැබේ.
“මගේ මිතුරා වන එම්මානුවෙල් මැක්‍රොන් කෝවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව දැන ගැනීමට කණගාටුයි. අපි ඔබ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු” බොරිස් ජොන්සන් ට්වීට් කළේය.
Sorry to hear my friend @EmmanuelMacron has tested positive for coronavirus. We are all wishing you a speedy recovery.
— Boris Johnson (@BorisJohnson) December 17, 2020
යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පැවසුවේ ඇය “මැක්‍රොන් සමඟ මගේ මුළු හදවතින්ම” සිටින බවයි.
Cher @EmmanuelMacron, je vous souhaite un prompt rétablissement. Je suis de tout cœur avec vous.
Cette pandémie, nous allons la vaincre ensemble. Nous continuerons à travailler main dans la main pour vacciner et protéger nos citoyens.
— Ursula von der Leyen (@vonderleyen) December 17, 2020
“අපි මේ වසංගතය එකට පරාජය කරන්නෙමු” යනුවෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය. “අපගේ පුරවැසියන් ප්‍රතිශක්තිකරණය හා ආරක්ෂා කිරීම සඳහා අපි අඛණ්ඩව අත්වැල් බැඳගෙන කටයුතු කරන්නෙමු.”
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ ඔහුගේ ප්‍රංශ සගයාට “ඉක්මන් සුවය සහ යහපත් සෞඛ්‍යයක් ඉදිරි වසර ගණනාව තුළ” ප්‍රාර්ථනා කරන බවත්ය.
Vladimir Putin sent well wishes to President of France Emmanuel Macron, who tested positive for COVID-19 https://t.co/PakJGZWS65
— President of Russia (@KremlinRussia_E) December 17, 2020
වෛරසය පැතිරීමට එරෙහිව මැක්‍රොන් නැවත නැවතත් අවවාද කර ඇති අතර ප්‍රසිද්ධියේ ඔහු නිතරම මුඛය සහ නාසය ආවරණය කරන මුහුණු ආවරණයක් පැළඳ සිටී. ප්‍රංශය මේ සතිය මුලදී කෝවිඩ් වෛරසයේ දෙවන රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කළ නමුත් ආසාදන අනුපාතය ඉහළ මට්ටමක පවතී.
වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා රාත්‍රී 8:00 සිට රට පුරා රාත්‍රී ඇඳිරි නීතිය තවමත් පවතින අතර අවන්හල් සහ කැෆේ මෙන්ම සිනමාහල් සහ සිනමා ශාලා වසා ඇත. වසංගතය ආරම්භයේ සිට ප්‍රංශයේ පුද්ගලයින් 59,300 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. නත්තල් නිවාඩුවට පෙර සාප්පු සවාරි හා සංචාරය කිරීම නිසා බදාදා පමණක් නව ආසාධිතයින් 17,000 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබේ.
අනෙකුත් යුරෝපා රටවල් මෙන්ම ප්‍රංශයද එන්නතක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින අතර කැස්ටෙක්ස් බදාදා කියා සිටියේ වසර අවසානයේදී මාත්‍රාව මිලියන 1.16 ක් ලැබෙනු ඇති බවයි. කැස්ටෙක්ස් පැවසුවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීම දෙසැම්බර් 21 වනදා අපේක්ෂා කරන යුරෝපීය ඖෂධ ඒජන්සියේ අනුමැතිය මත කොන්දේසි සහිත බවය.
යුරෝපා සංගමය දෙසැම්බර් 27 වනදා එන්නත් කිරීම ආරම්භ කරන බව වොන් ඩර් ලේන් බ්‍රහස්පතින්දා පැවසීය.
(AFP)