ක්‍රීඩා

අකිල ධනංජයට පන්දු යැවීමේ තහනමක්

ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බව දන්වමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ දක්ෂ පන්දු යවන්නෙකු වන අකිල ධනංජය ට පන්දු යැවීමේ තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කොට තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බව දන්වමින්. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පන්දු යැවීම තහනම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර ඒ අනුව ඔහු ඕස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවරදී නොවැම්බර් 23 වැනිදා පරික්ෂණයකට පෙනී සිටියේය.

පන්දු යැවීමේදී ධනංජයගේ අත වැළමිටෙන් අංශක 15 කට වඩා නැමෙන බව එම පරීක්ෂණයේ ප්‍රතිඵල සනාථ කර තිබේ. ඒ අනුව ඔහු සිය ඉරියව්ව නිවැරදි කරගෙන නැවත වරක් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර එතෙක් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය මත දේශීය තරග සඳහා පමණක් සහභාගි විය හැකිය.

මේ වසරේ (2018) පෙබරවාරි මස බංග්ලාදේශයේ ඩකා නුවරදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ධනංජය මේ වන විට ටෙස්ට් තරග 5 කදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 27 කි. ඊට කඩුලු 4 බැගින් දවාගත් අවස්ථා 3 ක්ද ඇතුළත් වේ. එක්දින තරග 30 කදී කඩුලු 46 ක් සහ විස්සයි20 තරග 16 කදී කඩුලු 14 ක් බිඳහෙළීමටද ධනංජය සමත්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button