විජමු ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
කෝවිඩ් ආසාධිතව සිටි විජමු ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
මෙතෙක් කෝවිඩ් ආසාධිතව සිටි අය අතරින් මිය ගිය ඉහළම ශ්‍රීලාංකික රාජතාන්ත්‍රිකයා ඔහුය.
1977 දී හිටපු ඇමති ඩබ්ලිව්.පී.ජී. ආරියදාසගේ බෑණා පරාජය කරමින් පාර්ලිමේන්තු ආ විජමු, මන්ත්‍රී දේශපාලනය නිමා කරන්නේ මෙරට 22 වන කතානායකවරයා (2004-2010) බවට පත් වෙමිනි.
සබරගමුව පළාත් අණ්ඩුකාර (2010-2015) ලෙස කටයුතු කළ ඔහු පසුව ජනාධිපති උපදේශක (මෙත්‍රීපාල සිරිසේන) වරයකු ලෙස පත් වීය.
එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී (1977-2010) විජමු, පළමුව දේශිය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් වී පසුව අමාත්‍යවරයකු (1989-1994 & 2001-2004) බවට පත් විය. ඒ කාලයේ ඔහු සංස්කෘතික, බුද්ධශාසන, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ, ජාතික ඒකාබද්ධතා යන විෂයන් භාරව කටයුතු කළේය.
අවස්ථා දෙකක් විපක්ෂ මන්ත්ර්වරයකු වූ විජමු ඒ අවස්ථා දෙකේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (1994-2000 & 2000-2001) බවට පත් විය.