ගෝඨාභය ආණ්ඩුව – අනුරාධපුරය වාණිජ අගනගරයක් කරන්න යයි
මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මෙය ඉදිකරන බවය.
මිහින්තලය ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.
“දීර්ඝ කාලයක් ප්‍රයෝජනයට ගෙන නොමැති අනුරාධපුර – මිහින්තලය දුම්රිය මාර්ගයේ ප්‍රවාහන පහසුකම භාවිත කරමින් පළාත් 3කට දිස්ත්‍රික්ක 10කට දේශීය නිෂ්පාදන සහ ආනයනය කළ භාණ්ඩ බෙදාහරින කොළඹ වගේ ප්‍රධානතම වාණිජ නගරයක් නිර්මානය කිරීමට අද දින සාකච්ඡා කළා. මේ පළාත්වල ගොවි ජනතාවගේ නිෂ්පාදන අතරමැදියන් නොමැතිව ඔවුන්ටම අලෙවි කිරීමට හැකි වෙළඳපොළක් නිර්මාණය කිරීමට මේ ඔස්සේ අපිට හැකි වෙනවා.
ඒ වගේම මේ පළාත්වල නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ඇසුරුම්කරණය, සැකසීම, නාමගතකරණය කරලා විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. තුන්වෙනි කාරණය, ආනයනය කරන භාණ්ඩ තොග වශයෙන් මෙහි රැස්කර තැබීම. එවිට ස්වභාවික ආපදාවකදි හෝ වෙනත් ගැටලුවකදී කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය අක්‍රීය වුණොත් මේ ආර්ථික මධ්‍යස්ථානය හරහා කටයුතු කළ හැකි වනවා. ඒ වගේම මේ හරහා මෙම ප්‍රදේශවල විශාල පිරිසකට රැකියා අවස්ථා ලැබෙනවා”
අනුරාධපුරය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද නිතර ම සංචාරය කරන නගරයකි.