මාලදිවයිනේ හිටපු විදේශ ඇමතිගෙන් ලංකාවට දොස්
ශ්රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.
කොරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදු කරන ලෙස ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද එහි සදහන්ය.
I think we should invite Sri Lankan Muslims to move & live in Maldives. I am surprised that our Government & allied “sheikhs’ have not done so. I urge the Sri Lankan government to respect their Muslim minority’s wish to have last rites of Covid-19 patients as per our religion!
— Dunya Maumoon (@dunyamaumoon) December 15, 2020
මාලදිවයින් වත්මන් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් මත ලංකාවේ කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් අයගේ මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සලකා බලමින් සිටින බවය.
On special request from Sri Lankan President @GotabayaR, President @ibusolih is consulting stakeholder authorities of the Government of Maldives to assist Sri Lanka in facilitating Islamic funeral rites in the Maldives for Sri Lankan Muslims succumbing to COVID19 pandemic. pic.twitter.com/EPj6TCCLLp
— Abdulla Shahid (@abdulla_shahid) December 14, 2020