දේශීය

සමාජ ජාලවල සංසරණය වූ වීඩියෝවේ ළමා අපයෝජකයා අත්අඩංගුවට, දැරියවත් සොයා ගනියි….

මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධියක් වන කුඩා දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාල සැකකරුත්, අපයෝජනයට ලක්වූ දැරියත් රහස් පොලීසිය විසින් අද(19) සොයාගෙන තිබේ.

ඒ, සමාජ ජාල ඔස්සේ සංසරණය වූ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝව සම්බන්ධ සිදුවීමයි.

36 හැවිරිදි සැකකරු ආඬිඅම්බලම ප්‍රදේශයේ අයකු වන අතර මෙලෙස අපයෝජනය කර දැරිය සැකකරුගේ ඥාති දියණියක් බවද කරුණු අනාවරණය වී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල පිරිසක් යුක්තිය ඉල්ලා සටන් කළ අතර අවසානයේදී මේ සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූයේද ඒ නිසාමය.

වීඩියෝව සම්බන්ධව සිදුකරන ලද ජාලගත විශ්ලේෂණ වාර්තා අනුව සිදුකළ විමර්ශනයේදී මෙම අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට දින (20 වැනිදා) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button