දේශීය

ආයතන නවයක් කෝප් කමිටුව ඉදිරියට

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කාරක සභාව වෙත (COPE) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මඩකළපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 9ක් කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත. එම ආයතනවල කාර්ය සාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා කාරක සභාව හමුවට මේ ආයතන කැඳවා තිබේ. මේ අනුව හෙට (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සැප්තැම්බර් 17 වැනිදා මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනමත්, කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. සැප්තැම්බර් 18 වැනිදා පරමාණුක බලශක්ති අධිකාරියේ ප්‍රගතිය විමර්ශනය කෙරෙන අතර සැප්තැම්බර් 19 වැනිදා භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

සැප්තැම්බර් 20 වැනිදා ආයුර්වේද වෛද්‍ය ආයතනය ද, ලබන ඔක්තෝබර් 08 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයද, ඔක්තෝබර් 09 වැනිදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button