දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුර සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගුගුරුම් සහිත ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා .

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි .

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙන්නේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button