දිලිත්ලාගේ පුංචිලාගේ නම්වලට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය
කොමිෂන් සභා පහක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කළ නාම ලෙඛනය සදහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වුණා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා නම් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස එම්. එම්. මොහොමඞ්, ගුණපාල වික්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ කේ. පී. පී. පතිරණ යන අය නම් කර තිබුණා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස විනිසුරු ජගත් බාලපටබැඳි ද, සෙසු සාමාජිකයන් ලෙස ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්. එම්. පියදාස, දිලිත් ජයවීර, හේමා ධර්මවර්ධන හා නිමල් කරුණාසිරි යන අයවළුන් නම් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙස හිටපු පොලිස්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු ද, සෙසු සාමාජිකයන් ලෙස එස්. ලියනගම, සංජීව පතිරණ, එම්. එස්. එම්. සම්සුදීන් සහ පේ‍්‍රමසිරි ප්‍රනාන්දු යන අය ද ජනාධිපතිවරයා විසින් නම් කර තිබුණේය.
මෙයට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජගත් බාලසූරිය පත්කර ඇත. විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂ නවරත්න සහ කුමාර බලල්ල යන අය එහි සෙසු සාමාජිකයෝ වන අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව සභාපතිත්වයට හිටපු විනිසුරු ඊවා වනසුන්දර නම් කර ඇත. හිටපු විනිසුරු දීපාලි විජේසුන්දර හා චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ යන අය එහි සෙසු සාමාජිකයෝ වෙති.
නව ව්‍යවස්ථා නීතිය අනුව පාර්ලිමේන්තු සභාවට පැවරී ඇත්තේ ජනාධිපති විසින් එවනු ලබන නම් නිරීක්ෂණය කර අනුමත කිරීමේ බලය පමණි.