දේශීය

“සැමන් කියන්නේ මේ වගේ කාලයක, සෞඛ්‍යය ආරක්ෂිත කෑමක් නෙමයි….” – වෛද්‍ය ජේ.සී. කස්තුරිආරච්චි

රට පුරා වෛරසයක් පැතිරී යන මෙවැනි පසුබිමක සැමන් ආහාරයට ගැනීම එතරම් සෞඛ්‍යය ආරක්ෂිත නොවන බව ආයුර්වේද වෛද්‍ය නිලධාරී ජේ.සී. කස්තුරිආරච්චි පවසයි. වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) දෙරණ ටෙලිවිෂන් චැනලයේ පැවති ‘චැලේන්ජ්’ නම් වැටසටහනට සහභාගී වෙමිනි.

සැමන් මිල පහත හෙළීමත් සමඟ බොහෝ පිරිස් පෝලිම් ගැසීගෙන සැමන් මිලදී ගැනීමට කටයුතු කරන අතර මේ මෙවන් මොහොතක සැමන් යනු ශරීරයට වඩාත් හිතකර ආහාරයක් නොවන බව වෛද්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

සැමන් යනු ප්‍රතිශක්තිකරණය පහතට ඇද දමන ආහාරයක් වන අතර පිටරට මසුන්, එම මසුන්ට යොදන රසානයනික ද්‍රව්‍ය පිළිබඳ අපට වැඩි දැනීමක් නොමැති බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

වෛරසය පැතිරී යාම අවම කිරීම සඳහා හැකි තාක් නිවෙස් තුළට වී සිටින ලෙස පැවසුවත් ඒ පිළිබඳ වැඩි තැකීමක් නොකර බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහා සුපිරි වෙළඳසැල්වල පෝලිම් ගැසී සිටීමෙන් වන්නේ වෛරසය බලෙන් ආසාදනය කර ගැනීමක් වැනිය.

තත්ත්වය එසේ වූ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළේ ජනතාවට තෙල් මිල සහනය වෙනුවට සැමන් සහ පරිප්පු සහන මිලට ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button