ශානි අබේසේකරට හෘදයාබාධයක් – ජීවිතය අනතුරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට ඊයේ (26) රාත්‍රීයේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහසක් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ශානි අබේසේකරගේ ජීවිතය අවධානමකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවයි.
ශානි අබේසේකරට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඔහුට වෙනත් සෞඛ්‍යමය ප්‍රශ්න රැසක් ඇති තත්ත්වයක් පැවසු විපක්ෂනායක වරයා, ඔහුව ඈත ප්‍රදේශයක රදවා තැබීම දැඩි තර්ජනයක් බවත් ඔහු සිටියේය. එක් අතකින් බරපතල ජීවිත තර්ජන ඔහුට ඇති බව පැවසූ විපක්ෂ නායකයා වැඩිදුරටත් පවසා සිටියේ, වහාම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට ආණ්ඩුව වගබලාගත යුතු බවයි.
එබැවින් ශානි අබේසේකරගේ ආරක්ෂාව සහතික කොට කොළඹ අයි.ඩී.එච් රෝහලට ගෙන්වා ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
මහර බණ්ධනාගාරයේ රඳවා සිටියදී, කෝවිඩ් 19 ආසාධනයට ලක් වූ බව පවසමින් අබේසේකර පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට මාරුකර යැවීමෙන් අනතුරුව මෙම හෘදයාබාධය හට ගෙන තිබෙනවා.
කෙසේ නමුත්, ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වැලිකන්ද රෝහලේ අවම බැවින් ජාතික රෝහල වෙත මාරු කර යවන ලෙස වෛද්‍යවරු ද නිර්දේශ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.