දේශපාලන

“ලෝක වෙළෙඳපොළේ මොනවා වුණත්, අපේ තෙල් මිල අඩු කරන්නෙ නෑ”

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල කොතරම් ප‍්‍රතිශතයකින් අඩු වුව ද, මෙරට තෙල් මිල අඩු නොකරන බව කැබිනට් ප‍්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන පැවසී ය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තෙල් මිල ස්ථායීකරණ අරමුදලක් මඟින් එම වාසිය ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බවයි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වූ විට එම අමතර වාසිය අරමුදලට බැර කොට ඒ මඟින් ඛනිජ තෙල් සංස්ථාවේ ණය පියවීමටත්, විදුලිබල මණ්ඩලයට අඩු මිලට ඉන්ධන ලබා දීමටත් අපේක්ෂා කරන බව ද සඳහන් කළ ඇමැතිවරයා, මෙම අරමුදලට රුපියල් බිලියන 200ක මුදලක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසී ය.

මේ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අධික ලාභයක් ලැබෙන බවට මාධ්‍යවේදීන් මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ, එම සමාගමට විශේෂ බද්දක් පැනවීමට අපේක්ෂා කරන බවයි. එහෙත්, එම බද්ද පැනවීමට අදාළ මූලික කටයුතු මෙතෙක් සැලසුම් කර නැති බව ද මෙම මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා පිළිගත්තේ ය. එම නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීමත් සමඟ ආණ්ඩුවේ මෙම ප‍්‍රතිපත්තිය නිසා ලංකා ඉන්දියානු ඔයිල් සමාගම අධික ලාභයක් උපයා ගැනීමට සමත් වේ.


අසංක කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button