අප්‍රේල් මාසයෙත් කොරෝනා ඉවර කරගන්න බෑ…. ඡන්දය තවත් පස්සට….?

කොරෝනා වයිරස ව්‍යාප්තිය මේ මාසය තුලදී සම්පුර්ණයෙන් මර්දනය කිරීම සැක සහිත හෙයින් මැයි මාසයේ අවසන් සතියෙත් මහ ඡන්දය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අවිශ්වාසය පළ කරන මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය බලාපොරොත්තු වෙයි.
කල් ඉකුත් වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව මාර්තු දෙවැනිදා විසුරුවා හැරීමෙන් අනතුරුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මහ මැතිවරණය අප්‍රේල් 25 පැවැත්වෙනු ඇති බවයි.
එහෙත් කොරෝනා වයිරසයේ පැතිරීම සලකා බලන විට පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුලදී හෝ පැවැත්විය නොහැකි බව පෙන්වා දෙන කොමිසමේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර වෙත අප්‍රේල් 01දින ලියා ඇති ලිපියකින් සභාපති මහින්ද දේශප්‍රිය එම ඉල්ලීම කර ඇත.
‘හදිසියි’ යනුවෙන් ඉහලින්ම සටහනක් යොදා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ….
[box type=”shadow” align=”” class=”” width=””]”පසුගිය පැය 24 තුළ Covid-19 රෝගීන් වැඩිවූ සංඛ්‍යාව පිළිබඳව සලකා බලන විටදී හා වසංගත රෝග පාලනය පිළිබඳ විශේෂඥ මත අනුව මේ වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීම අප්‍රේල් මාසය තුළ සිදුකළ නොහැකි බව පැහැදිළිය.
එහෙයින්, පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුලදී හෝ පැවැත්විය නොහැකි බවත්, එනිසා පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 02 දින සිට මාස තුනක් ඉකුත්වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවත් 2020.04.01 දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.
මේ නිසා ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීමට ගරු ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අදහස් කරයි.
කරුණාකර මේ පිළිබඳව නොපමාව ගරු ජනාධිපතිතුමා දැනුම්වත් කරනු මැනවි.”[/box]