ක්‍රීඩා
රෝහිතගේ මාමණ්ඩිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට
නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්රීර ලංකා ක්‍රිකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශ්රීර ලංකා ක්රිරකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්රවිශ්ඨ වූ ජෙරම් ලී ජයරත්න පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා.
ඉන්පසුව පුහුණුකරණය ආරම්භ කළ ජෙරම් ලී ජයරත්න මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින ඉහළතම සුදුසුකම් සැපිරූ පුහුණුකරුවෙක් මෙන්ම අයි.සී.සී සිව්වෙනි මට්ටම (Level 4 qualified) සමත් වූ පුහුණුකරුවෙක් වීම විශේෂත්වයකි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ පසුගිය දින අතගත් ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වූ ටට්යානා ලී ජයරත්න, ජෙරම් ලී ජයරත්න මහතාගේ එකම දියණියයි.
නෙත් නිව්ස් ඇසුරින්