දේශීය

පෙරහුරු මැතිවරණයක් අද අම්බලන්ගොඩදී

මහ මැතිවරණය උදෙසා සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද පැවැත්වේ

සෞඛ්‍ය සේවා  විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම පැවැත්වීමේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අද (07) පෙරහුරු ඡන්ද විමසීමක් ගාල්ල දිස්ත‍්‍රික්කයේ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ග‍්‍රාම නිලධාරී වසමක ඡන්ද දායකයින් 200ක ගේ සහාභාගිත්වයෙන් සිදු කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක සඳහන් කළේ.

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින්, මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැඳුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඡන්දදායකයෙක් වෙනුවෙන් කොපමණ වේලාවක් ගත වන්නේද යන්න අවබෝධයක් ලබා ගැනීම සහ එහිදී දරන්නට සිදුවන වියදම් පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close